සමාජවාදය ඇයි? – ඇල්බට් අයින්ස්ටයින් – Why Socialism?
ආර ථික හා සමාජීය ප්‍රශ්න පිළිබඳව ප්‍රවීණයෙකු නොවන යමෙක් සමාජවාදය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම සුදුසු ද? එය එසේ බව හේතු ගණනාවක් නිසා මම දැඩිව විශ්වාස කරමි. අපි මුලින්ම එම ප්‍රශ්නය විද්‍යාත්මක දැනුමේ දෘෂ්ටිකෝණයෙන් සළකා බලමු. එවිට ඇතැම්විට තාරකා විද්‍යාව සහ ආර් ථික විද්‍යාව අතර අත්‍යාවශ්‍ය ක්‍රමෝපායික වෙනස්කම් නොමැති බව පෙනී යා හැක. ක්ෂේත්‍ර දෙකෙහිම විද්‍යාඥයින් මෙම සංසිද්ධිවල අන්තර් සම්බන්ධය හැකිතාක් පැහැදිලිව තේරුම් ගත හැකි පරිදි සංසිද්ධි සමූහයක් සඳහා පොදුවේ පිළිගත හැකි නීති සොයා ගැනීමේ උත්සාහයක නිරත වෙති.
නමුත් ඇත්ත වශයෙන්ම එවැනි ක්‍රමවේදීමය වෙනස්කම් තිබේ. ආර ථික විද්‍යා ක්ෂේත්‍රය සළකා බලන්නේ නම්, එවැනි පොදු නීති (general laws) සොයා ගැනීම අතිදුෂ්කර වන්නේ, නිරීක්‍ෂණයට භාජනය කරනු ලබන ආර ථික සංසිද්ධි බොහෝවිට වෙන වෙනම ඇගයීමට අපහසු එකිනෙකට සුසම්බන්ධිත සාධක මගින් බලපෑමට ලක්වන තත්ත්වයක පිහිටන බැවිනි.
මීට අමතරව, අප සියල්ලන්ම දන්නා පරිදී, මානව ඉතිහාසයේ ශිෂ්ටාචාරගත යැයි හඳුන්වන කාලපරිච්ඡේදයේ ආරම්භයේ සිට ගතහොත්, සංකේන්ද්‍රණය වී ඇති අත්දැකීම් සඳහා බොහෝ දුරට බලපා ඇත්තේ සහ ඒවායේ සීමාවන් නීර්‍ණය වී ඇත්තේ කිසිසේත්ම තනිකරම ආර් ථිකමය නොවන හේතු මතය.
නිදසුනක් වශයෙන්, ඉතිහාසයේ බොහෝ ප්‍රධාන රාජ්‍යයන් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඇත්තේ අනෙකුත් රාජ්‍යයන් යටත් කර ගැනීමට ණය ගැති වන්නට සැළැස්වීම ය. එසේ තවත් ජාතියක් යටත් කරගත්විට ජනතාව, නීතිමය සහ ආර් ථික වශයෙන් යටත් කරගත් රටේ වරප්‍රසාද ලත් පන්තිය ලෙස ස්ථාපිත විය.
ඔවුන් ඉඩම් හිමිකමේ ඒකාධිකාරයක් තමන් වෙත පවරා ගත් අතර ඔවුන්ගේම නිලයන් අතරින් පූජකයන් පත් කර ගත්හ. පූජකවරු සමාජයේ අධ්‍යාපනය පාලනය කළ අතර සමාජයේ පන්ති බෙදීම තහවුරු කරන ආයතනයක් බවට පත්කර සාරධර්‍ම සහ වටිනාකම පද්ධතියක් ඔවුන් ම නිර්‍මාණය කළ අතර එතැන් සිට නොදැනුවත්වම, මිනිසුන්ගේ සමාජ හැසිරීම් සඳහා පුජකයෝ මඟ පෙන්වූහ.
එය පෙර දවසේ ඓතිහාසික සම්ප්‍රදාය ලෙස අපි එය නම් කළොත්; මානව සංවර්ධනයේ “කොල්ලකාරී අවධිය” (“the predatory phase”) ලෙස තොර්ස්ටෙන් වෙබ්ලන් (Thorstein Veblen විසින් හැඳින්වූ දෙය අප කෙදිනකවත් පරාජය කොට නැත.
මේ වනවිට නිරීක්ෂණය කළ හැකි ආර ථික කරුණු එම කොල්ලකාරී අදියරට අයත් වන අතර ඒවායින් අපට ලබා ගත හැකි යමක් වන්නේ එවැනි කොල්ලකාරී නීති පවා වෙනත් අදියරයන් සඳහා අදාළ කර නොගන්නේ කෙසේද යන්නයි.
සමාජවාදයේ අරමුණ නිශ්චිතව ම මානව සංවර්ධනයේ කොල්ලකාරී අවධිය පරාජය කිරීම සහ ඉන් ඔබ්බට යාම වන බැවින්, ආර ථික විද්‍යාවට එහි වර්‍තමාන ස්වභාවය තුළ අනාගතයේ සමාජවාදී සමාජය කෙරෙහි එල්ල කළ හැක්කේ කුඩා ආලෝකයක් පමණි.
දෙවනුව, සමාජවාදය සමාජ-ආචාර ධාර් මික පරිසමාප්තියක් කරා යොමු වන්නකි. කෙසේ වෙතත්, විද්‍යාවට එවැනි පරිසමාප්තික අරමුණු නිර්‍මණය කළ නොහැකි අතර, ඊටත් වඩා අඩුවෙන්, ඒවා මිනිසුන් තුළ පැලපදියම් කළ නොහැක. විද්‍යාවට, උපරිම වශයෙන්, යම් යම් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්‍ග සැපයිය හැකිය.
පරිසමාප්තික අභිප්‍රායන් සංකල්පනය කරනු ලබන්නේ උසස් සදාචාරාත්මක පරමාදර්‍ශ සහිත පෞරුෂයන් විසින් වන අතර, මෙම අරමුණු මැරී-උපදින අරමුණු වශයෙන් නොව ජීවයෙන් පිරිණු සහ ප්‍රබල ඒවා වන්නේ නම්, අර්‍ධ සවිඥානික තත්ත්වයකින් වුවද සමාජයේ මන්දගාමී පරිණාමය තීරණය කරන බොහෝ මිනිසුන් විසින් ඒවා වැළද ගෙන ඉදිරියට ගෙන යනු ඇත.
මෙම හේතූන් නිසා, මානව ගැටලු පිළිබඳ ප්‍රශ්නයක් (question of human problems) සම්බන්ධයෙන් ගත් විට විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමවේදය අධිතක්සේරු නොකිරීමට අප වගබලා ගත යුතුය. සමාජයේ සමස්ත සැකැස්මට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇත්තේ ප්‍රවීණයන්ට පමණක් යැයි අප උපකල්පනය නොකළ යුතුය.
සමස්ත මිනිස් සමාජය ම දැවැන්ත අර්‍බුදයක් හරහා ගමන් කරමින් සිටින බවත්, එහි ස්ථාවරත්වය බරපතළ ලෙස බිඳ වැටී ඇති බවත්, ගණන් කළ නොහැකි හඬවල් ගණනකින් පවසන ආකාරය දැන් කලක සිට අපට ඇසෙයි. එවන් අවස්ථාවක පුද්ගලයන්ට තමන් අයත් වන කුඩා හෝ විශාල කණ්ඩායම කෙරෙහි උදාසීන බවක් හෝ සතුරුකමක් දැනීම එක් ලක්ෂණයකි.
මෙහි අර්‍ථය පැහැදිලි කිරීම සඳහා, මට පෞද්ගලික අත්දැකීමක් මෙහි සටහන් කිරීමට ඉඩ දෙන්න. මානව වර්‍ගයාගේ පැවැත්ම බරපතල ලෙස අනතුරේ හෙළන තවත් යුද්ධයක තර්‍ජනයක් ගැන මම මෑතකදී ඉතා බුද්ධිමත් හා හිතවත් අයෙක් සමඟ සාකච්ඡා කළ අතර, එම අනතුරෙන් ආරක්ෂාව සපයනු ලබන්නේ ජාතික මායිම් ඉක්මවා ගිය සංවිධානයකින් (a supra-national organization) පමණක් බව මම එහිදී ප්‍රකාශ කළෙමි. එවිට මගේ හිතවතා ඉතා සන්සුන්ව හා සංවරව මට මෙසේ කීවේය: “මිනිස් වර්‍ගයා අතුරුදහන් වීම ගැන ඔබ මෙතරම් ගැඹුරින් විරුද්ධ වන්නේ ඇයි?”
මීට සියවසකට පමණ පෙර කිසිවකු මෙතරම් සැහැල්ලුවෙන් මෙවැනි ප්‍රකාශයක් නොකරනු ඇතැයි මම තරයේ විස්වාස කරමි. එය තමා තුළ යම් ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට නිෂ්ඵල උත්සාහයක යෙදී සිටින සහ සාර්‍ථක වීමේ බලාපොරොත්තුව අඩු වැඩි වශයෙන් භංග වූ මිනිසෙකුගේ ප්‍රකාශයකි. එය මේ දිනවල බොහෝ වේදනාකාරී තනිකමක සහ හුදකලාවක ගිලුණු බොහෝ මිනිසුන්ගේ ප්‍රකාශනයකි.
එයට හේතුව කුමක්ද? වෙනත් මගක් තිබේද?
එවැනි ප්‍රශ්න මතු කිරීම පහසු ය, නමුත් සහතික ලෙසම ඒවාට පිළිතුරු දීමට අපහසුය. කෙසේ වෙතත්, අපගේ හැඟීම් සහ උත්සාහයන් බොහෝ විට පරස්පර විරෝධී සහ අපැහැදිලි වන බව මෙන්ම ඒවා පහසු සහ සරල සුත්‍ර වලින් ප්‍රකාශ කළ නොහැකි බව මා හොදින්ම දැනුවත් නමුත්, උපරිමෙන් ඒ උත්සාහය දැරීමට මම කැමැත්තෙමි.
මිනිසා, එකවිට හුදකලා සහ සමාජීය ජීවියෙකි. හුදකලා ජීවියෙකු ලෙස, ඔහු තමා සහ තමාට සමීප පුද්ගලයින්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමටත්, ඔහුගේ පෞද්ගලික ආශාවන් තෘප්තිමත් කර ගැනීමටත්, ඔහුගේ සහජ හැකියාවන් වර්‍ධනය කර ගැනීමටත් උත්සාහ කරයි. සමාජ ජීවියෙකු ලෙස ඔහු/ඇය]උත්සාහ කරන්නේ සෙසු තම මිනිස් වර්‍ගයාගේ පිළිගැනීම සහ ආදරය ලබා ගැනීමටත්, ඔවුන්ගේ සතුට බෙදා ගැනීමටත්, ඔවුන් දුකේදී සැනසීමටත්, ඔවුන්ගේ ජීවන කොන්දේසි වැඩිදියුණු කිරීමටත් ය.
මෙම විවිධාකාර, නිතර ගැටෙන, උත්සාහයන් වල පැවැත්ම පමණක් මිනිසෙකුගේ විශේෂ ස්වභාවයට හේතු වන අතර, ඒවායේ නිශ්චිත සංයෝජනය පුද්ගලයෙකුට තමන් තුලම සමතුලිතතාවයක් ලබාගැනීම සහ සමාජයේ යහපැවැත්මට දායක විය හැකි ප්‍රමාණය තීරණය කරයි. මෙම ධාවකයන් දෙකෙහි සාපේක්ෂ ශක්තිය ප්‍රධාන වශයෙන් උරුමය/ආවේණික ක්‍රම මගින් නිර්‍මාණය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
නමුත් මෙහිදී අවසානයේ මතුවන පෞරුෂය බොහෝ දුරට ගොඩනැගෙනුයේ මිනිසෙක් තම වර්‍ධනය තුළ තමා විසින් අනුගත වන පරිසරය, ඔහු/ඇය හැදී වැඩෙන සමාජයේ ව්‍යුහය, එම සමාජය විසින් විවිධ හැසිරීම් සඳහා ලබාදෙන විශේෂ ඇගයුම් වල ප්‍රතිඵලයක් වශයෙනි. “සමාජය” යන වියුක්ත සංකල්පයෙන් තනි මනුෂ්‍යයෙකුට අර්‍ථවත් වන්නේ ඔහුථ/ඇයගේ සමකාලීනයන් සහ පෙර පරම්පරාවල සියලු මිනිසුන් සමඟ ඔහු /ඇය]දක්වන සෘජු හා වක්‍ර සබඳතාවල එකතුවයි.
පුද්ගලයාට තනිවම සිතීමට, දැනීමට, යමක් උත්සාහ කිරීමට සහ වැඩ කිරීමට හැකි නමුත් ඔහු /ඇය සමාජය මත රඳා පවතී. ඔහුගේ/ඇයගේ ශාරීරික, බුද්ධිමය සහ චිත්තවේගීය පැවැත්ම තුළ, සමාජයේ රාමුවෙන් පිටත ඔහු/ඇය ගැන සිතීමට හෝ ඔහුව/ඇයව තේරුම් ගැනීමට නොහැකි ය. මිනිසාට ආහාර, ඇඳුම් පැළඳුම්, නිවස, වැඩ කිරීමේ මෙවලම්, භාෂාව, චින්තන රටාවන් සහ චින්තනයේ බොහෝ අන්තර් ගතයන් සපයන්නේ “සමාජය” විසිනි. ඔහුග් /ඇයගේ ජීවිතය එසේ ගෙවිය හැක්කේ “සමාජය” යන කුඩා වචනය පිටුපස සැඟවී සිටින මිලියන ගණනකගේ අතීත සහ වර්‍තමාන ශ්‍රමය සහ එහි සමස්ත නිෂ්පාදනයන් නිසාවෙනි.
එබැවින්, කුහුඹුවන් සහ මී මැස්සන් සම්බන්ධයෙන් මෙන්ම පුද්ගලයා, සමාජය මත යැපීම අහෝසි කළ නොහැකි බව ස්වභාවධර්‍මයේම ධර්‍මතාවක් බව පැහැදිලිය. කෙසේ වෙතත්, කුහුඹුවන්ගේ සහ මීමැස්සන්ගේ සමස්ත ජීවන ක්‍රියාවලියම දෘඩ, පාරම්පරික සහජ බුද්ධිය මගින් කුඩාම විස්තරය දක්වා සවි වී ඇති නමුත්, මිනිසුන්ගේ සමාජ රටාව සහ අන්තර් සම්බන්ධතා ඉතා විචල්‍ය වන අතර වෙනස් වීමට භාජනය වේ.
මතකය, නව සම්බන්ධතා ඇති කිරීමේ හැකියාව, වාචික සන්නිවේදනයේ භාග්‍යය විසින් මිනිසා තුළ ජීව විද්‍යාත්මක අවශ්‍යතා මගින් නියම කළ නොහැකි හැකි වර්‍ධනයන් රැසක් ඇති කර ඇත. එවැනි වර්‍ධනයන් සම්ප්‍රදායන්, ආයතන සහ සංවිධාන තුළ ප්‍රකාශමාන වේ.
උදාහරණයක් වශයෙන් සාහිත්‍යය තුළ, විද්‍යාත්මක හා ඉංජිනේරු ජයග්‍රහන, කලා කෘතිවල එම වර්‍ධනයන් ගැබ් වී ඇත. මෙම උදාහරණ විසින් එය සිදු වන්නේ කෙසේද යන්න පැහැදිලි කරයි, එක්තරා අර්‍ථයකින්, මිනිසාට, ඔහුගේම/ඇයගේම හැසිරීම හරහා ඔහුගේ/ඇයගේ ජීවිතයට බලපෑම් කළ හැකි අතර, මෙම ක්‍රියාවලියේදී සවිඥානක චින්තනයට සහ අවශ්‍යතාවයට යම් කාර්යභාරයක් ඉටු කළ හැකිය.
මිනිසා උපතේදීම, පරම්පරාගතව, ජීව විද්‍යාත්මක සංදේහයක් (a biological constitution) අත්පත් කර ගනී. එම තත්වයන් මානව වර්‍ගයාගේ ලක්ෂණ වන ස්වභාවික පෙළඹවීම් ද ඇතුළුව ස්ථාවර හා වෙනස් කළ නොහැකි බව අප සැලකිය යුතුය. ඊට අමතරව, ඔහු තම ජීවිත කාලය තුළ, සන්නිවේදනය සහ වෙනත් බොහෝ ආකාරයේ බලපෑම් හරහා සමාජයෙන් සම්මත කරගත් සංස්කෘතික සංදේහයක් (a cultural constitution) ලබා ගනී.
කාලයාගේ ඇවෑමෙන් වෙනස් වීමට යටත් වන මෙම සංස්කෘතික සංදේහය පුද්ගලයා සහ සමාජය අතර සම්බන්ධතාවය ඉතා බරපතල ලෙස තීරණය කරයි. නූතන මානව විද්‍යාව ප්‍රාථමික සංස්කෘතීන් වශයෙන් හඳුන්වන සංසන්දනාත්මක විමර්‍ශනයක් තුළින් අපට උගන්වා ඇත්තේ, පවතින සංස්කෘතික රටාවන් සහ සමාජයේ ප්‍රමුඛ වන සංවිධාන සමූහය අනුව මිනිසාගේ සමාජ හැසිරීම් බොහෝ සෙයින් වෙනස් විය හැකි බවයි. මිනිසාගේ පැවැත්ම වැඩිදියුණු කිරීමට උත්සාහ කරන අයට ඔවුන්ගේ බලාපොරොත්තු ගොඩනඟා ගත හැක්කේ මෙම කරුණ මත ය. එනම් මිනිසුන් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක සංදේහනය නිසා (ව්‍යවස්ථාපනය) නිසා එකිනෙකා විනාශ කිරීමට හෝ කුරිරු, ස්වයංජාත ඉරණමක අනුකම්පාවට හෝ ලක්වීමේ සාපයකට ගොදුරු වූ පිරිසක් නොවන බවයි.
මනුෂ්‍ය ජීවිතය හැකිතාක් තෘප්තිමත් කිරීම සඳහා සමාජයේ ව්‍යුහය සහ මිනිසාගේ සංස්කෘතික ආකල්ප වෙනස් කළ යුත්තේ කෙසේදැයි අප අපගෙන්ම විමසන්නේ නම්, අපට වෙනස් කළ නොහැකි යම් යම් කොන්දේසි ඇති බව අප නිරන්තරයෙන්ම අවබෝධකර ගත යුතුය.
කලින් සඳහන් කළ පරිදි, සියලු ප්‍රායෝගික අරමුණු සඳහා වූ මිනිසාගේ ජීව විද්‍යාත්මක ස්වභාවය, වෙනස් වීමට යටත් නොවේ. එමෙන්ම, පසුගිය ශතවර්‍ෂ කිහිපයේ තාක්ෂණික හා ජනවිකාශ වර්‍ධනයන් විසින් ස්ථිර කොන්දේසි නිර්‍මානය කර ඇත. සාපේක්ෂ වශයෙන් ජනාකීර්‍ණ ප්‍රජාවක් තුළ ඔවුන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත, අත්‍යන්තයෙන්ම දැඩි බෙදීමකට ලක්වූ ශ්‍රම බෙදීමක් සහ ඉහළ මධ්‍යගත නිෂ්පාදන උපකරණ තන්ත්‍රයක් (productive apparatus) අත්‍යවශ්‍ය වේ.
ආපසු හැරී බලන විට, පුද්ගලයන්ට හෝ සාපේක්ෂ වශයෙන් කුඩා කණ්ඩායම්වලට සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත විය හැකි වූ ඉතා මනරම් ලෙස පෙනෙන කාලය සදහටම පහව යමින් තිබේ. මානව වර්‍ගයා මේ වන විටත් නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ ග්‍රහලෝක ප්‍රජාවක් බව පැවසීම ඉතා සුළු අතිශයෝක්තියක් පමණි.
අපේ කාලයේ අර්‍බුදයේ හරය කුමක්දැයි මට කෙටියෙන් පෙන්වා දිය හැකි තැනට මම දැන් පැමිණ සිටිමි. එය පුද්ගලයා හා සමාජය අතර ඇති සම්බන්ධය පිළිබඳව ය. පුද්ගලයා සමාජය මත වූ තම යැපීම ගැන වෙන කවරදාටත් වඩා සවිඥානික වී ඇත. නමුත් ඔහු/ඇය මෙම යැපීම අත්විඳින්නේ ධනාත්මක වත්කමක් ලෙස, ඓන්ද්‍රීය බැඳීමක් ලෙස හෝ ආරක්ෂක බලවේගයක් ලෙස නොව ඔහුගේ/ඇයගේ ස්වභාවික අයිතීන්ට හෝ ඔහුගේ ආර් ථික පැවැත්මට පවා තර්‍ජනයක් ලෙස ය.
එපමණක් නොව, සමාජය තුළ ඔහුගේ ස්ථාවරය කෙබඳු ද යත්, ඔහුගේ/ඇයගේ ස්වාර්‍ථය නිරූපණයෙහි ආත්මාර්‍ථකාමී ආශාවන් නිරන්තරයෙන් උද්දීපනය වන අතර, ස්වභාවයෙන්ම දුර්‍වල වූ ඔහුගේ/ඇයගේ සමාජමය ආශාවන් නැත්නම් ධාවකයන් ක්‍රමයෙන් පිරිහී යයි. සමාජයේ කුමන තරාතිරමක සිටියත් සියලුම මනුෂ්‍යයෝ මෙම පිරිහීමේ ක්‍රියාවලියෙන් පීඩා විඳිති. නොදැනුවත්වම ඔවුන්ගේම ආත්මාර්‍තකාමීත්වයේ සිරකරුවන් බවට පත්වන මනුෂ්‍යයෝ, ඔවුන් අනාරක්ෂිත, හුදකලා සහ ජීවිතයේ බොළඳ, සරල හා අවිචිත්‍රවත්, අවිග්ධ ජිවිතයක වින්දිතයෝ බවට පත් වෙති. මිනිසාට ජීවිතයේ අරුත සොයා ගත හැක්කේ, කෙටියෙන් හා භයානක ලෙසින්, සමාජයට කැපවීමෙන් පමණි.
මගේ මතයට අනුව අද පවතින ධනේශ්වර සමාජයේ ආර් ථික අරාජිකත්වය, මෙම නපුරේ සැබෑ මූලාශ්‍රයයි. බලහත්කාරයෙන් නොවුවත්, සමස්තයක් වශයෙන් නීත්‍යානුකූලව ස්ථාපිත නීතිරීතිවලට අනුකූලව සාමූහික ශ්‍රමයේ ඵල එකිනෙකාට අහිමි කිරීමට දෙවරක් නොසිතන දැවැන්ත නිෂ්පාදක ප්‍රජාවක සාමාජිකයන් නොනවතින වෑයමක යෙදී සිටින අකාරය අප ඉදිරියේ අපි දකිමු.
මේ සම්බන්ධයෙන් ගත් කළ, අප අවබෝධකර ගත යුත්තේ, පාරිභෝගික භාණ්ඩ මෙන්ම අතිරේක ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සමස්ත නිෂ්පාදන ධාරිතාව, එය නිත්‍යානුකුලව විය හැකියි එමෙන්ම බොහෝ තත්වයන්ට අදාළව ගත්විට තනි පුද්ගලයන්ගේ පෞද්ගලික දේපල බවයි.
මෙම යෙදුමේ සම්ප්‍රදායික භාවිතයට බෙහෙවින් අනුරූප නොවන නමුත්, කරුණු සරලව ඉදිරිපත් කිරීම සඳහා පහත සාකච්ඡාවේදී මම නිෂ්පාදන සාධක වල හිමිකාරිත්වය අහිමි සියල්ලන්ම “කම්කරුවන්” ලෙස හඳුන්වමි. නිෂ්පාදන සාධකවල හිමිකරු කම්කරුවාගේ ශ්‍රම ශක්තිය මිලදී ගත හැකි තත්ත්වයක පසුවෙයි. නිෂ්පාදන සාධක භාවිතා කිරීමෙන් කම්කරුවා ධනපතියාගේ ම තවත් දේපළ බවට පත්වන නව භාණ්ඩ නිෂ්පාදනය කරයි.
මෙම ක්‍රියාවලියේ දී වැදගත්ම කරුණ වන්නේ සේවකයා නිෂ්පාදනය කරන දේ සහ ඔහුට ගෙවන දේ අතර සම්බන්ධය යි. මේ දෙකම සැබෑ මුර්‍ත වටිනාකම ( real value) අනුව මනිනු ලැබේ. කම්කරු කොන්ත්‍රාත්තුව “නිදහසේ” වන තාක් දුරට, සේවකයාට ලැබෙන දේ තීරණය වන්නේ ඔහු නිෂ්පාදනය කරන භාණ්ඩවල සැබෑ වටිනාකම මත නොව, ඔහුගේ/ඇයගේ අවම අවශ්‍යතා සපුරා ගැනීමේ පිරිවැය සහ රැකියා වෙනුවෙන් තරඟ කරන කම්කරුවන් සංඛ්‍යාවට අදාළව ශ්‍රම ශක්තිය සඳහා ධනපතියන්ගේ පවතින අවශ්‍යතා මත ය. න්‍යායාත්මකව සලකා බැලුවත් කම්කරුවාට කරන ගෙවීම තීරණය වන්නේ ඔහුගේ/ඇයගේ] භාණ්ඩයේ වටිනාකම මත නොවන බව අප වටහා ගත යුතු වෙමු.
පුද්ගලික ප්‍රාග්ධනය අතලොස්සක් තුළ සංකේන්ද්‍රණය වීමට නැඹුරු වේ. එයට අර්‍ධ වශයෙන් හේතුවන්නේ ධනපතියන් අතර තරඟකාරිත්වය නිසා, සහ අර්‍ධ වශයෙන් තාක්ෂණික සංවර්ධනය සහ වැඩෙන ශ්‍රම විභජනය නිසා කුඩා පරිමාණ ඒකක විනාශ කරමින් විශාල නිෂ්පාදන ඒකක ගොඩනැගීමට පිටුබලයක් ලැබෙන නිසාවෙනි.
මෙම වර්‍ධනයන්හි සැබෑ ප්‍රතිඵලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධිත දේශපාලන සමාජයකට පවා සාධනීය සහ සඵලදායි ලෙස පරීක්ෂා කළ නොහැකි, පාලනය කළ නොහැකි දැවැන්ත බලයක් පුද්ගලික ප්‍රාග්ධනයේ කතිපයාධිකාරය විසින් ගොඩනගා ගැනීමයි.
ව්‍යවස්ථාදායක ආයතනවල සාමාජිකයින් තෝරාගනු ලබන්නේ දේශපාලන පක්ෂ විසින් වන අතර, බොහෝ දුරට මූල්‍යමය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කරන පුද්ගලික ධනපතියන් විසින් තම ප්‍රායෝගික අරමුණු සඳහා, ඡන්දදායකයින්ගේ බලය ව්‍යවස්ථාදායකයෙන් වෙන් කිරීමට කටයුතු කරයි. එහි ප්‍රතිඵලය වන්නේ මහජන නියෝජිතයන් ජනගහණයේ අඩු වරප්‍රසාදිත කොටස්වල අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකිරීමයි. එපමනක් නොව, පවතින තත්වයන් යටතේ පුද්ගලික ධනපතියන් අනිවාර්‍ය්‍යයෙන්ම සෘජුව හෝ වක්‍රව ප්‍රධාන තොරතුරු දැනගැනීමේ මූලාශ්‍ර (මුද්‍රණාලය, ගුවන්විදුලිය, අධ්‍යාපනය) පාලනය කරයි.
ඒ අනුව තනි පුරවැසියෙකුට වෛෂයික නිගමනවලට (objective conclusions) එළැඹීම සහ ඔහුගේ/ඇයගේ දේශපාලන අයිතීන් බුද්ධිමත්ව භාවිතා කිරීම අතිශයින් දුෂ්කර වන අතර ඇත්ත වශයෙන්ම බොහෝ අවස්ථාවලදී එය කිසිසේත්ම කළ නොහැක්කක් බවට පත්ව ඇත.
ප්‍රාග්ධනයේ පුද්ගලික අයිතිය මත පදනම් වූ ආර් ථිකයක පවතින තත්ත්වය ප්‍රධාන මූලධර්‍ම දෙකකින් සංලක්ෂිත වේ: පළමුව, නිෂ්පාදන සාධක (ප්‍රාග්ධනය) පුද්ගලයන් සතු වන අතර අයිතිකරුවන් ඒවා තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාවේ යොදවනු ලබයි. දෙවනුව, කම්කරු කොන්ත්රාත්තුව/ගිවිසුම නිදහස් ය. ඇත්ත වශයෙන්ම, මේ අර්‍ථයෙන් ගත් කළ, පිරිසිදු ධනේශ්වර සමාජයක් යනුවෙන් දෙයක් නැත.
විශේෂයෙන්ම, කම්කරුවන්, දීර්‍ඝ හා කටුක දේශපාලන අරගල හරහා, ඇතැම් කම්කරු කාණ්ඩ සඳහා “නිදහස් කම්කරු කොන්ත්‍රාත්තුවේ” තරමක් දියුණු ස්වරූපයක් ලබා ගැනීමට සමත් වී ඇති බව සඳහන් කළ යුතුය. එහෙත් සමස්තයක් ලෙස ගත් විට වර්‍තමාන ආර් ථිකය “පිරිසිදු” ධනවාදයෙන් බොහෝ වෙනස් නොවේ.
නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ ලාභය සඳහා මිස භාවිතය සඳහා නොවේ. වැඩ කිරීමට හැකි සහ කැමැත්තෙන් සිටින සියලු දෙනාම සෑම විටම රැකියාවක් සොයා ගත හැකි බවට විධිවිධාන නොමැත. “රැකියා විරහිත හමුදාවක්” සෑම විටම පාහේ පවතී. සේවකයා තම රැකියාව අහිමි වේ යැයි නිරන්තරයෙන් බියෙන් සිටියි. රැකියා විරහිත හා දුර්‍වල වැටුප් ලබන කම්කරුවන් ලාභදායී වෙළඳපොළක් නිර්‍මණය නොකරන බැවින්, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය සීමා කර ඇත.
එහි ප්‍රතිවිපාකය වන්නේ ඔවුන් විශාල දුෂ්කරතා වලට නිරාවරණය වීමයි. තාක්‍ෂණික ප්‍රගතියේ නිතර ප්‍රතිඵලය වන්නේ සියල්ලන්ට ම වැඩ කිරීමේ බර ලිහිල් කිරීමට වඩා වැඩි වන විරැකියාවයි. ලාභ චේතනාව, ධනපතියන් අතර තරඟකාරිත්වය සමග එක්ව, වඩ වඩාත් දරුණු අවපාතයන්ට තුඩු දෙන ප්‍රාග්ධනය සමුච්චය කිරීමේ සහ භාවිතයේ අස්ථාවරත්වයට සපුරා වගකිව යුතුය. අසීමිත තරඟකාරිත්වය විශාල ශ්‍රමය නාස්තියකට තුඩු දෙන අතර මා පෙර සඳහන් කළ පුද්ගලයන්ගේ සමාජ විඥානය මොට කිරීමට බලපායි. ධනවාදයේ නරකම නපුර ලෙස මම සලකන්නේ පුද්ගලයන්ගේ මෙම විපරිතභාවයයි.
අපේ මුළු අධ්‍යාපන පද්ධතියම මේ නපුරෙන් පීඩා විඳි. එය විසින් තම අනාගත වෘත්තීය ජීවිතය සඳහා සූදානමක් ලෙස අත්පත් කර ගැනීමේ සාර්‍ථකත්වයට නමස්කාර කිරීමට (worship acquisitive success) පුහුණු කරන ලද ශිෂ්‍යයා/ ශිෂ්‍යාව තුළ අතිශයෝක්තියෙන් යුත් තරඟකාරී ආකල්පයක් නිර්‍මාණය කරනු ලැබේ.
මෙම බරපතල දුෂ්ටකම් තුරන් කිරීමට ඇත්තේ එක් මාර්‍ගයක් පමණක් බව මට ඒත්තු ගොස් ඇත. එනම් සමාජමය අරමුණු කරා නැඹුරු වූ අධ්‍යාපන ක්‍රමයක් සමඟින් සමාජවාදී ආර් ථිකයක් ස්ථාපිත කිරීම හරහාය. එවැනි ආර් ථිකයක් තුළ නිෂ්පාදන සාධක සමාජය සතු වන අතර ඒවා සැලසුම් සහගතව භාවිතා කරනු ලැබේ.
ප්‍රජාවගේ අවශ්‍යතාවලට සරිලන පරිදි නිෂ්පාදනය සකස් කරන සැලසුම් සහගත ආර් ථිකයක් මගින් කළ යුතු කාර්‍ය්‍යය වැඩකළ හැකි සියලු දෙනා අතර බෙදා හරින අතර සෑම පිරිමියෙකුටම, ස්ත්‍රියකටම සහ දරුවෙකුටම ජීවනෝපායක්/ජීවිතය සහතික කරනු ඇත. පුද්ගලයාගේ අධ්‍යාපනය, ඔහුගේම/ඇයගේම සහජ හැකියාවන් ප්‍රවර්‍ධනය කිරීමට අමතරව, අපගේ වර්‍තමාන සමාජයේ බලය සහ සාර්‍ථකත්වය උත්කර්‍ෂයට නැංවීම වෙනුවට ඔහුට/ඇයට සෙසු මිනිසුන් කෙරෙහි වගකීම පිළිබඳ හැඟීමක් ඔහු/ඇය තුළ වර්ධනය කිරීමට උත්සාහ කරනු ඇත.
කෙසේ වෙතත්, සැලසුම් කළ ආර් ථිකයක් තවමත් සමාජවාදී සමාජයක් නොවන බව මතක තබා ගත යුතුය. සැලසුම් සහගත ආර් ථිකයක් පුද්ගලයාගේ සම්පූරර්‍ණ වහල්භාවය සමඟ ද ඇති විය හැකිය. සමාජවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා අතිශය දුෂ්කර සමාජ-දේශපාලන ගැටළු කිහිපයක් විසඳීම අවශ්‍ය වේ.
දේශපාලන හා ආර් ථික බලයේ දුරදිග යන මධ්‍යගතකරණය සැලකිල්ලට ගෙන, නිලධාරිවාදය සර්‍වබලධාරී වීම සහ යටපත් කිරීම වැළැක්වීමට හැකි වන්නේ කෙසේද? පුද්ගලයාගේ අයිතීන් සුරැකෙන්නේ කෙසේද සහ ඒ සමඟ නිලධාරිවාදයේ බලයට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිවිරෝධයක් සහතික කළ හැක්කේ කෙසේද? යන දුෂ්කර සමාජ-දේශපාලන ගැටළු ඒ අතර වේ.
අප ජිවත් වන සංක්‍රාන්ති යුගයේ සමාජවාදයේ අරමුනු සහ ගැටළු පිලිබඳ පැහැදිලි කර ගැනීමේ ඉතා වැදගත් වේ. වර්‍තමාන තත්වයන් යටතේ, මෙම ගැටළු පිළිබඳ නිදහස් හා බාධාවකින් තොරව සාකච්ඡා කිරීම බලවත් තහනමකට ලක්ව ඇති බැවින්, මෙම සඟරාවේ පදනම වැදගත් ප්‍රජා සේවයක් ලෙස මම සලකමි.
1949 මැයි මාසයේ සහ ඉන් පසුව 2009 මැයි මාසයේ Monthly Review සගරාවේ පළ වූ ලිපියකි.
සිංහල අනුවාදය ආචාර්‍ය්‍ය කල්ප රාජපක්ෂයන්ගේ වෙහෙසකාරී කටයුත්තකි.
2024 ජූනි 21